General17 April 2015

හොරට ඉඩම් විකිණූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කර දිවයින පුරා මහා පරිමාණයෙන් සිදුකළ ඉඩම් සහ මෝටර් රථ ජාවාරමක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා. දීර්ඝ විමර්ශනයකින් පසු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුලූ පුද්ගලයින් පස්දෙනෙකුද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මිලදී ගෙන ඇති දේපළ සඳහාද ව්‍යාජ ඔප්පු සකස් කර ඒවා වෙනත් පුද්ගලයින් වෙත විකිණීමද මෙම සැකකරුවන් සිදුකර ඇති බවට හෙළිවී තිබෙනවා. මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ගංගොඩවිල සුභද්‍රාරාම මාවතේ පදිංචි විදුර සමල් ගුණරත්න වන අතර, මොහු සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එම තොරතුරු 011 2 32 80 43, 011 2 32 0141 සිට පහ දක්වා හෝ 0112 422 176 යන දුරකථන ඔස්සේ ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes