International30 July 2015

239ක් අතුරුදන්වූ MH370 යානයේ බවට සැක කෙරෙන කොටසක්

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටසක් හමුවී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙය ඉන්දියානු සාගරයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි දූපතක් වන ලාරී යූනියන් වෙත  ගුවන් යානා  කොටස ගොඩගසා ඇති බවටයි.

මෙම ගුවන් යානයේ කොටස අතුරුදන් වූ යානයේ කොටසක්දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කර යැවීමටද සූදානම් බවද විදෙස් වාර්තා පවසනවා.



Related recommendation
Hiru TV News | Programmes