පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසුරුවන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය අද සීනිගම දේවාලයේ පොල් ගසා දේව කන්නලව්වක් සිදුකරනු ලැබුවා.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් එම අවස්ථාවට එක්ව සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
රජය සිදුකරන ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියාවන්ට එරෙහිව පොල් ගසා මෙම දේව කන්නලව්ව සිදුකරන බවයි එම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ.
ඒකාබද්ධ විපක්ෂය සිදුකළ මෙම දේව කන්නලව්වට එරෙහිව දේශාභිමානි ජාතික පෙරමුණ අම්බලන්ගොඩ ප්‍රදේශයේ විරෝධතා පා ගමනක් ආරම්භ කරනු ලැබුවා.
එක්සත් ජාතික පක්ෂ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පුෂ්පකුමාර ද සොයිසා සහ දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රදේශවාසීන් මෙම පාගමනට සහභාගි වී සිටියා.
මොවුන් අම්බන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට අම්බලන්ගොඩ බස් නැවතුම්පොල දක්වා පාගමනින් ගමන් කළ අතර එහිදී ඔවුන් ජනතාව අමතමින් සිය විරෝධතාව ප්‍රකාශ කරනු ලැබුවා.
ඉන් අනතුරුව ඔවුන් සීනිගම දේවාලයට පාගමනින් යාමට උත්සාහ කිරීමේදී එම ස්ථානයට පැමිණි අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණ නියෝගයක් මත ඔවුන්ට එම ස්ථානයට යාමට නොහැකි බව ප්‍රකාශ කළා.
එම තීරණයත් සමග ඔවුන් එම ස්ථානයෙන් විසිර ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

Latest News
යුක්රේනයේ සාප්පු සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් - 5 දෙනෙකු මියගොස් 67කට තුවාල
Local
11 September 2026
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
11 September 2026
වසර 25කට පසු අමෙරිකානු ගුවන් තොටුපළ ආරක්ෂාව වෙනස් වෙයි
Local
11 September 2026
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල සැලකිය යුතු වර්ෂාපතනයක්
Local
11 September 2026
BRICS නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට
Local
11 September 2026
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට
Local
11 September 2026
බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ මට්ටමක
Local
11 September 2026
සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 25ක්
Local
11 September 2026
ඊශ්‍රායල ප්‍රහාර මැද දකුණු ලෙබනනයට රික්ටර් මාපක 4.1ක භූ කම්පනයක්
Local
11 September 2026
දෙහිවල නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනයට කණ්ඩායම් 3ක්
Local
11 September 2026