General04 March 2016

මොන්ටිසෝරි දැරියන් දෙදෙනා ත්‍රීරෝද රථයේදී කෙළසලා

වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ පෙර පාසැල් දැරියන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ  වයස අවුරුදු 4 ක සහ හතරහමාරක දැරියන් දෙදෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවයි.

මෙම දැරියන් පෙර පාසල සදහා රැගෙන යනු ලබන්නේ අදාළ සැකකරුගේ  ත්‍රිරෝද රථයෙනුයි.

සැකකරු කලක සිට   ත්‍රීරෝද රථය අතරමග නතර කර දැරියන්  දෙදෙනා අපයෝජනය කර තිබෙනවා.

ඇතැම් අවස්ථාවලදී පෙර පාසල භූමියේදීද එලෙස අපයෝජනය සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

46 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලුත්කඩෙි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.






Related recommendation
Hiru TV News | Programmes