General01 February 2017

වසර තුනකට පසු ධීවර සභාව යළි ක්‍රියාත්මක වෙයි

වසර තුනක් පුරා ක්‍රියාත්මක නොවූ ජාතික ධීවර උපදේශක සභාව ඊයේ සිට යළි ක්‍රියාත්මක වන බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ධීවර අංශය සම්බන්ධ ගැටළු විසඳීම සහ එහි සංවර්ධනයට දායක වීම ධීවර උපදේශක සභාවේ ප්‍රමුඛ කාර්යයන් වනවා.

සාමාජිකයන් 48 දෙනෙකුගෙන් සමන්විත එම සභාවට ධීවර අමාත්‍යාංශයට අමතරව පරිසර, ඉඩම්, සංචාරක යන අමාත්‍යාංශවල මෙන්ම වෙරළ සංරක්ෂණ, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග සහ වනජීවී යන දෙපාර්තමේන්තුවල නිලධාරීන්ද ඇතුළත්.
Related recommendation
Hiru TV News | Programmes