ඉකුත් ජනාධිපතිවරණ සමයේ දියත් කල සිල් රෙදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස තමන්ට උපදෙස් ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ අනුව තමන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල නමුත් රාජ්‍ය මුදල් රෙගුලාසි උල්ලංඝනය නොකල බවයි හිටපු ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැයකරමින් සිල් රෙදි බෙදාහැරීම සම්බන්ධයෙන් වන නඩුවේ තුන් වන දිනටත් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.
විධායකයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා නිකුත් කරන නියෝග මහජන සුභ සිද්ධිය වෙනුවෙන් කරන නිත්‍යානුකුල නියෝග ලෙස තමා සලකන බවත් එම නියෝග කඩ කළේ නම් විනය කඩකිරීමේ චෝදනාවට ලක්වීමට තිබූ බවත් හිටපු ජනාධිපති ලේකම්වරයා සාක්ෂි ලබා දෙමින් මෙහිදී සඳහන් කළා.
තමා සභාපතිධුරය දැරූ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ පස්දෙනෙකුගෙන් සමන්විත සාමාජික මණ්ඩලයේ 4 දෙනෙකුගේ තීරණයට අනුව ලබා දුන් රුපියල් මිලියන 600 ක මුදල හෝ සිල් රෙදි තමාට නොලැබුනු බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නීතිපතිවරයාට දැනුම් දුන්නේ පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති ලේකම්වරයාට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිටට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරිම සඳහා සලකා බලන ලෙසයි.
නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් පසු මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

Latest News
වී මිලදී ගැනීම සඳහා මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
Local
21 August 2026
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතියේ බිඳවැටීමක්: නැවත දැනුම්දෙන තුරු වාර්තා අයදුම් කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
Local
21 August 2026
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ
Local
21 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
Local
21 August 2026
සෞදි අරාබියේ නජ්රාන් ගුවන් තොටුපළට සහ ඇරම්කෝ වෙත හූතින්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
Local
21 August 2026
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටෙයි: අනතුරෙන් 5ක් මරුට
Local
21 August 2026
පැනයාමේ සැකයක් මත පල්ලෙකැලේ රැඳවියන් 6ක් වැලිකඩට සහ අඟුණකොළපැලැස්සට
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක්
Local
20 August 2026
උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න – ජනාධිපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්
Local
20 August 2026
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්
Local
20 August 2026