General29 April 2017

පෙරටුගාමීන් ගාල්ලෙන් සහ මහනුවරින් කොළඹට

අනිද්දාට යෙදෙන ලෝක කම්කරු දිනයේ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ රථ පෙළපාලියක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (29) සංවිධාන කර තිබුණා.

ගාල්ලෙන් සහ මහනුවරින් ආරම්භ කෙරුණු එම රථ පෙළපාලි මේ වනවිට කොළඹ ළගා වී තිබෙනවා.

ගාල්ල බස් නැවතුම්පොළ අසලින් ආරම්භ වූ රථ පෙළපාලියට එක්වෙමින් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කියා සිටියේ කම්කරු දිනයේදී ක්‍රීඩාංගන ජනතාවගෙන් පිරවීමෙන් ඵලක් නොවන බවයි.

එදින සැබෑ ලෙස කළ යුතු වන්නේ කම්කරු ජනතාවට ජයග්‍රහණ ලබාදීමට කටයුතු කිරීම බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes