දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (17) දිනයේ සිදුවූ රිය අනතුරු පහකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
පූනෑව, ගොවිඳුපුර, එරාවුර්, බෙන්තොට සහ කිලිනොච්චිය යන පොලිස් වසම්වලින් මෙම මාරක අනතුරු වාර්තා වී තිබෙනවා.
පූනෑව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ ගල්කන්දේගම ප්‍රදේශයේදී වව්නියාව දෙසට ධාවනය වූ ලොරි රථයක්, මාර්ගය අයිනේ නවතා තිබූ තවත් ලොරි රථයක පසුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී ධාවනය වූ ලොරි රථය නවතා තිබූ ලොරි රථය මතට පෙරළී ගොස් ඇති අතර, එහිදී යට වූ ලොරි රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නොරොච්චෝලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 46 යන වයස්වල පසුවූ පුද්ගලයන් දෙදෙනෙක්.
අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
අම්පාර - සියඹලාණ්ඩුව මාර්ගයේ 08 කණුව බෝක්කුව ආසන්නයේදී අම්පාර දෙසට ධාවනය වූ යතුරුපැදියක්, එම දිශාවටම ධාවනය වූ තවත් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එකිනෙක ගැටී තිබෙනවා.
ඉන් අනතුරුව එක් යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියක පැදිකරු සහ පසුපැදිකරු සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව, කන්දඋඩපංගුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.
අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරු සහ අනෙක් යතුරුපැදිකරු ගොවිඳුපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
මේ අතර, මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ගයේ මයිලම්බාවලි ප්‍රදේශයේදී මඩකලපුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් සහ පසුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා එරාවුර් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී මුලින්ම මාර්ගයේ පෙරළී ගිය යතුරුපැදියේ පැදිකාරිය වූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
එරාවුර් පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වනවා.
එසේම, ගාල්ල - කොළඹ මාර්ගයේ බෙන්තොට නගරය ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ දකුණට හැරවීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු, පසුපැදිකරු සහ ලොරි රථයේ රියැදුරු බලපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්.
බෙන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබ තිබෙනවා.
මේ අතර, කිලිනොච්චිය පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ උමයාලපුරම් ප්‍රදේශයේදී යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
Latest News
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026
රට පුරා මාරක රිය අනතුරු පහකින් හය දෙනෙක් ජීවිතක්ෂයට!
Local
18 June 2026
මැදවච්චියේ සැලූන් හිමිකරුවකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
18 June 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කටුවාවල දෙමහල් නිවෙස සහ ඉඩම තහනමට: සැකකාරිය හෙට (19) තෙක් රිමාන්ඩ්
Local
18 June 2026
රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි
Local
18 June 2026
''මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා'' - ඇමති ආනන්ද විජේපාල
Local
18 June 2026
ස්පයිඩර් මෑන් ප්රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට
Local
18 June 2026
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026