General29 April 2017

සුදානම්ව සිටිය යුතු පිරිසක් සුදානම් නොවී සිටි අවස්ථාව

සූදානම්ව සිටිනු තේමාව කරගත් පිරිසක් සූදානම් නොවී කටයුතු කළ පුවතක් අත්තනගල්ල ප්‍රදේශයේන වාර්තා වුණා.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සංවිධානය කළ  සමස්ත ලංකා අත්තම්මාගේ කුසලතා තරගය අද අත්තනගල්ල - රතඹලේ - පොලොන්හේන වලව්වේදී පැවැත්වුණා.

මෙහිදී දිවයිනේ නන් දෙසින් පැමිණි බාලදක්ෂිකාවන් වෙනුවෙන් විවිධ තරග ඉසව් පැවැත්වුණු අතර වැඩි අවධානය යොමුවූයේ පොල් ගස් නැගීමේ තරගයටයි.

පොල් ගසේ වැඩිම උසක් නගින අනුපිළිවෙළට එහි ලකුණු ලබාදීම සිදුකෙරුණා.

නමුත් ඊට සහභාගී වූ යාපනයේ පදිංචි තරුණියක පොල් ගසේ ඉහළට නැගි අවස්ථාවේදී ඉන් ඇදවැටී අනතුරකට ලක්වුනා.

ආරක්ෂාවල සූදානම සිය තේමාව කරගත් සංවිධායනයක මේ තරගය සඳහා එවන් කිසිදු සූදානමක් නොමැති වීම අවාසනාවට කරුණක්.

ඇය ගස උඩටම නැගි අවස්ථාවකදී මේ අනතුර සිදුවූයේනම් ඇයට මීට වඩා හානියක් සිදුවීමට ඉඩ තිබුණා.

අනෙකාගේ ආරක්ෂාව ගැන කටයුකු කරන බාලදක්ෂ ව්‍යාපාරය තම උත්සවයට අවශ්‍ය ආරක්ෂක විදිවිධාන සපයා නොගත්තේ ඇයි දැයි විමතියට කරුණක්.

Related recommendation
Hiru TV News | Programmes