ප්‍රදේශ කිහිපයක සිදුවු අනතුරුවලින් යතුරුපැදිවල ගමන් කළ තරුණයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 9.50 ට පමණ එක් අනතුරක් සිදුව ඇත්තේ හොරණ වගවත්ත පාලම අසලදීයි.
පානදුර සිට රත්නපුර දෙසට ගමන් කළ මෝටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම අනතුරින් හඳපාන්ගොඩ අරකාවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක් සහ 20 ක් වු තරුණයෙන් දෙදෙනෙක් මරණයට පත්වුනා.
මෝටර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ඊයේ පස්වරු 4.45 ට පමණ වැලිගම පංචාලිය මාර්ගයේ සිදුවු යතුරුපැදි අනතුරකින් 16 හැවිරිදි ළමයෙක් මරණයට පත්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.
පංචාලිය දෙසට ධාවනය වු යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු අහංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා.
ඔහු වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර ඉංගිරිය පොලිසිය ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් ද 24 හැවිරිදි තරුණයෙක් මරණයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රී 7.45ට පමණ රත්නපුර දෙසට ධාවනය වු යතුරුපැදියක් ලොරියක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
මියගොස් ඇත්තේ කෑගල්ල මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

Latest News
බොස්නියාව පරදා ස්විට්සලන්තයට ජය
Local
19 June 2026
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්
Local
19 June 2026
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026