General30 April 2017

කිඹුලාගේ උදරයෙන් හමුවූ දැරියගේ අස්ථි කොටස් DNA පරීක්ෂණයකට

ගල්නෑව - මුලංනටුව වැවේ දියනෑමට ගොස් අතුරුදන්වූ දැරියගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් එම වැවේ සිටි කිඹුලෙකුගේ උදරයෙන් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම කොටස් අතුරුදන්වූ තම දියණියගේ බවට දෙමව්පියන් විසින් හදුනාගත් බවයි.

එමෙන්ම, අදාළ සිරුරු කොටස් ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ගල්නෑව - ලෝලූගස්වැව ප්‍රදේශයේ පදිංචි ගිම්හානි අනුෂිකා නම් 13 හැවිරිදි මෙම දැරිය පවුලේ සාමාජිකයින් පිරිසක් සමග ගල්නෑව - මුලංනටුව වැවේ දියනෑමට ගොස් තිබුණේ පසුගිය 27 වනදා පස්වරු 6.30 ට පමණයි.   

කිඹුලෙකු විසින් දැරිය ගොදුරු කර ගත් බවට ඇති වූ සැකය මත ප්‍රදේශවාසීන් වැවේ සෝදිසි මෙහෙයුම්වල නිරත වූ අතර, ඊයේ වැවේ පිටවාන අසල සිටි කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් පහරදී ඝාතනය කර තිබුණා.

ඉන් අනතුරුව කිඹුලාගේ උදරය පරීක්ෂා කිරීමේදී සැක කළ හැකි කොටස් හමුවී තිබෙනවා.

හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ අදාළ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා ගල්නෑව රජයේ රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී දැරියගේ මව සහ පියා අදාළ කොටස් දැරියගේ බවට හදුනාගත් බවයි.
Related recommendation
Hiru TV News | Programmes