හෙට දිනයේ පැවැත්වෙන මැයි පෙළපාලි සදහා දේශපාලන පක්ෂ බස් රථ 4000ක් පමණ ඇණවුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බස් රථ 1537 ක්, එක්සත් ජාතික පක්ෂය බස් රථ 1432 ක්, ජනතා විමුක්ති පෙරමුණ බස් රථ 209 ක් සහ ඒකාබද්ධ විපක්ෂය බස් රථ 22 ක් මේ වනවිට ඉල්ලූම් කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැනට ඉල්ලූම් කර ඇති බස් රථ සදහා සියලූ ගාස්තු ලබාගෙන අවසන් බවයි.
මැයි දින පෙළපාලි සහ රැළි සදහා බස් රථ ලබාදීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට මිලියන 35 ත් 40 ත් අතර ආදායමක් ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මීට අමතරව, මැයි පෙළපාලි සදහා පෞද්ගලික බස් රථ 7000 කට ආසන්න සංඛ්‍යාවක් ඉල්ලූම් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
මේ අතර, මැයි දින පෙළපාලි වලට පාක්ෂිකයන් සහභාගි කරවීම සදහා අතිරේක දුම්රිය කිහිපයක් ද ඇණවුම් කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මරදාන සිට මහනුවරට සහ මහනුවර සිට මරදානට මෙන්ම, කුරුණෑගල සිට මරදාන සහ මරදාන සිට කුරුණෑගල දක්වා ද අතිරේක දුම්රිය ද ධාවනය වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ සදහා ද සියලූ ගෙවීම් සිදුකර තිබෙනවා.
මැයි රැළි සඳහා සහභාගි වන බස් රථවලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී ගාස්තු අය නොකරන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය දැනුම් දී ඇති බව පොලීසිය සදහන් කළා.
ඒ අනුව හෙට දිනය තුළ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මෙම බස් රථ සඳහා ගාස්තු අය කිරීමක් සිදුනොවනු ඇති.

Latest News
බොස්නියාව පරදා ස්විට්සලන්තයට ජය
Local
19 June 2026
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්
Local
19 June 2026
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026