General02 May 2017

විල්පත්තු අභය භූමිය අසලින් කේරළ ගංජා කිලෝ 200 ක්

විල්පත්තු අභය භූමිය ආසන්න ප්‍රදේශයකදී කේරළ ගංජා කිලෝ 200 ක් සමග පුද්ගලයන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පස්වරු 3 ට පමණ කල්පිටිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි මෙම ගංජා තොගය හමුවී ඇත්තේ.

විල්පත්තු අභය භූමිය ආසන්න කොලන්කනත්ත ප්‍රදේශයේ පලු ගස් දෙකක ගැට ගසා රඳවා තිබු ගෝනි 7 ක මෙම කේරළ ගංජා තොගය තිබී ඇතැයි සඳහන්.

ඒවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ ඒවා බවටයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 / 32 සහ 29 වයස්වල පසුවන්නන් අතර ඔවුන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් හෙට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes