General16 June 2017

කොට්ටාවේ දී දුම්රියට ගෙල තැබූ සිසුවිය පැහැරගත් බවට සැකයක් ? (ඡායාරූප)

සිය දියණිය කවුරුන් හෝ පැහැරගෙන පැමිණ මේ අපරාධය කළේ ද යන්න තමන් සිතන බව කොට්‌ටාව දුම්රිය ස්‌ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක ගෙල සිඳීමෙන් හිස කඳින් වෙන්වී මියගොස්‌ සිටියදී හමුවූ කොළඹ ජනප්‍රිය බාලිකා විදුහලක සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයේ දී ඇගේ පියා ප්‍රකාශ කර තිබෙනවා.

ඇයගේ මරණය සැක සහිත බවයි ඇගේ පියා වන ව්‍යාපාරික කපිල ජයසේකර පවසන්නේ.

පියා පොලිසියේදී මෙසේ ද පවසා තිබෙනවා.

"කෝච්චියට බෙල්ල තියලා දිවි හානි කරගන්න තරම් ප්‍රශ්නයක්‌ මගේ දුවට තිබුණේ නැහැ. දුවගේ මරණය මට සැකයි. දුව කව්රුහරි පැහැරගෙන ඇවිත් මේ අපරාධය කරන්න ඇති කියලා හිතනවා. දුව මැරෙන්න කලින් මගේ බිරිඳට හා බාල පුතාට "මා දැන් එන ගමන්" කියලා කතා කරලත් තියෙනවා."

එහෙත් කැලණිවැලි දුම්රියේ රියෑදුරු පොලිසියට පවසා ඇත්තේ මෙම සිසුවිය දුම්රිය මාර්ගයේ ගෙල තබාගෙන සිටි බවයි.

පෙරේදා (14 වැනිදා) රාත්‍රී 8.00ට පමණ  දුම්රිය පීල්ලක ගෙල කැපී වෙන්වී යන ආකාරයට එම සිසුවියගේ සිරුර මුනින් අතට තිබියදී පොලිසිය සොයා ගත්තා.

නුගේගොඩ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී නැවත නිවෙස් බලා එන අතරතුර ඇය මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා තිබුනා.

සැකසහිත ලෙස මෙසේ  මියගොස්‌ තිබුණේ ජීව විද්‍යා අංශයෙන් අපොස උසස්‌ පෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටි පන්නිපිටිය, මාකුඹුර පදිංචිව සිටි සවින්දි පබසරා ජයසේකර නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක්.

Related recommendation
Hiru TV News | Programmes