Sports27 June 2026

නවසීලන්තය පරදා බෙල්ජියමට ජය

පාපන්දු කුසලාන තරගාවලියේ අද (27) පැවති 'G' කාණ්ඩයේ මූලික වටයේ තරගයකින් නවසීලන්තය පරදා ගෝල 5-1ක තියුණු ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත් වුණා.

තරගයේ මුල් භාගයේ සිටම නවසීලන්ත ආරක්ෂක පෙළ පීඩනයට ලක් කළ බෙල්ජියම් ක්රීඩකයින්, 28 වන මිනිත්තුවේදී ලියනාඩ්රෝ ට්රොසාඩ් (Leandro Trossard) මගින් තරගයේ පළමු ගෝලය වාර්තා කරමින් පෙරමුණ ගත්තා.

ඉන් අනතුරුව දෙවන භාගයේ 50 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් ලියනාඩ්රෝ ට්රොසාඩ් වාර්තා කළා.

එසේම 66 වන මිනිත්තුවේදී කෙවින් ඩි බ්රුයින් (Kevin De Bruyne) තම කණ්ඩායම වෙනුවෙන් තුන්වන ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ 84 වන මිනිත්තුවේදී එලයිජා ජස්ට් (Elijah Just) නවසීලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා.

86 වන මිනිත්තුවේදී රොමෙලු ලුකාකු (Romelu Lukaku) සහ අවසන් මිනිත්තු අතිරේක කාලයේදී (90+5') ඇලෙක්සිස් සලේමකර්ස් (Alexis Saelemaekers) විසින් වාර්තා කළ ගෝල සමගින් බෙල්ජියම ඉතා සාර්ථක ජයග්රහණයක් වාර්තා කිරීමට සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes