General29 September 2017

උණුසුම් වූ නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය - ඊයේ මැදියම් රැයෙන් අවසන් වෙයි

නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ඊයේ (28) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

සභාවේ අවසන් සැසිවාරය ඊයේ පැවති අතර, එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සංවාදයට ලක්වී තිබෙනවා.

එම අවස්ථාවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාද විවාද ඇති වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ

මේ අතර උතුරුමැද පළාත් සභාවේ නිල කාලය ද පළමුවැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත්, එහි අවසන් සැසිවාරය ඊයේ පැවැත්වුණා. එහිදී ද මෙලෙස උණුසුම් තත්ත්වයක් හට ගත්තේ උතුරුමැද පළාත් සභාවේ මතුවී ඇති ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධයෙන්.

නිල කාලය අවසන් වූ පළාත් සභාවල බලය පැවරෙන්නේ ඒවායේ ආණ්ඩුකාරවරුන්ටයි.

මීට පෙර සබරගමුව පළාත් සභාවේ නිල කාලය ද අවසන් වුණා.
Related recommendation
Hiru TV News | Programmes