General01 October 2017

නාවික හමුදා යාත්‍රාවක ගැටුණු ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

යාපනය - කරෙයිනගර් මුහුදු සීමාවේදී නාවික හමුදා යාත්‍රාවක් සහ ධීවර යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා යාපනය මහ රෝහලට ඇතුළත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමේ යෙදී සිටින ධීවර යාත්‍රා  සොයා සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ලංකානාත දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම අනතුරට ලක්වී ඇත්තේ දේශීය ධීවර යාත්‍රාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes