General30 October 2017

දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඇතුළු පවුලේ පිරිස ගමන් ගත් බස් රථයට අලි ප්‍රහාරයක්

තිස්ස මහාරාම සිතුල්පව්ව රාජමහා විහාරය වැදපුදා ගැනීම සදහා ගමන් කරන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතෙකු ඊයේ (29) දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර ඇතුළු පවුලේ පිරිස, ග්‍රහණයට ගෙන තිබෙනවා.

එම බිහිසුණු මොහොත බස් රථයේ සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන තිබෙනවා.

මෙම ඇතා හදුන්වනු ලබන්නේ කප්පම් රාජු ලෙසයි

පිරිස සුඛෝපබෝගී බස් රථයකින් කතරගම වැදපුදා පසුව තිස්ස මහාරාම සිතුල්පව්ව රාජමහා විහාරය වැදපුදා ගැනීම සදහා ගමන් කරන අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.

මේ ඇතා ආහාර ඉල්ලා බස් රථය අසලට පැමිණ ආහාර ලබා නොදීම නිසා උරණවී සිය දලයෙන් බස් රථයේ දොරේ වීදුරුව කඩා දමා හොඩය බස් රථය තුලට දමා ආහාර සොයා නොලැබුණු විට බස් රථය ට හිස තබා බියගැන්වීම සිදු කරනු ලබනවා.

කෙසේ හෝ පිරිස බස් රථයේ තිබූ ආහාර මල්ලක් ලබාදී ඇතාගෙන් බේරී ඇති ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.



දඹුල්ල - කාංචන කුමාර ආරියදාස



Related recommendation
Hiru TV News | Programmes