මස්කෙලිය ඔයට පැන සිය දිවි හානි කර ගත් බවට සැක කෙරෙන ඥාති සහෝදරයෙකු සහ සහෝදරියක සොයා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
පෙරේදා සිට අතුරුදන් වී ඇති බවට මොවුන්ගේ ඥාතීන් මස්කෙළිය පොලීසියට පැමිණිලි කර තිබූ අතර, මොවුන් දෙදෙනා ගමන් ගත් කැබ් රථයක් මස්කෙලිය - ගාඩිමෝර් මාර්ගයේ නතර කර තිබියදී සොයා ගනු ලැබුවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහේන්ද්‍ර නමැති 28 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ පුංචි අම්මාගේ දියණියක වන 18 හැවිරිදි පරෙමිෂ්වරි මහාලේචිචමි නමැති තරුණියක්.
අදාළ තරුණයා රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහු නැති වූ දුරකථනයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පොලීසියට යන බව පවසා සිය නැඟනිය සමඟ පෙරේදා නිවසින් පිටව ගොස් තිබෙනවා.
මොවුන්ගේ බවට සැක කෙරෙන පාවහන් මස්කෙළිඔයේ අතු ශාඛාවක් වන බාග්‍රඔය ඇළ අසළ තිබී අද උදෑසන සොයා ගෙන ඇති අතර එම ස්ථානයෙන් ඇළට පැන මීට පෙර පුද්ගලයින් සියදිවි හානිකරගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ

Latest News
එළැඹෙන 24 වැනිදා FCIDයට කැඳවීමක් තිබියදී ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි
Local
16 September 2026
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ
Local
16 September 2026
නාමල් අද අධිකරණයට
Local
16 September 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ක පමණ තරමක තද වැසි
Local
16 September 2026
කළුතරදී දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු මරුට
Local
16 September 2026
සිංහයින් පැරදූ එංගලන්තයට ලකුණු 119ක දැවැන්ත ජයක්
Local
16 September 2026
රුමේෂ්ගේ හෙල්ලයන් හානි වීමේ සිද්ධිය ගැන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් පලකළ සමාජ මාධ්‍ය සටහන්
Local
15 September 2026
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි - විශේෂ දැනුම්දීමක්
Local
15 September 2026
සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්
Local
15 September 2026
විශ්වවිද්‍යාලවලට කළු සතියක්- ආචාර්යවරු කළු ඇඳුමින්
Local
15 September 2026