දේශපාලනඥයන්ගේ රුව යොදා ගනිමින් කටවුට් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතියට අනුව, තහනම් වන බව මැතිවරණ කොමිසම පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එලෙස සිය රුව යොදා ගෙන ප්‍රචාරණ කටයුතුවල නිරත වන අපේක්ෂකයින්ට එරෙහිව කටයුතු කරන බවයි.
එමෙන්ම, කිසියම් අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයේ ඔහුගේ ඡායාරූපය සහ ඔහු අයත් දේශපාලන පක්ෂ නායකයාගේ රුව පමණක් ප්‍රදර්ශනය කළ හැකියි.
නීතිවිරෝධී ලෙස අපේක්ෂකයන්ගේ සහ දේශපාලනඥයන්ගේ රුව යොදා ගනිමින් කටවුට් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 5 කට ආසන්න සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ලැබී ඇති අයදුම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි.
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට නියමිත කාලය තුළදී තැපැල් වෘත්තිය සමිති වැඩ වර්ජනයකට එළඹීමට සැලසුම් කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ රාජකාරිවල නිරත වන රාජ්‍ය සේවකයින්ට තැපෑලෙන් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවන අතර ඒ සඳහා දී තිබූ තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලසීමාව පසුගිය දෙසැම්බර් 22 වැනිදායින් අවසන් වුණා.
එලෙස ඉල්ලුම් කළ රාජ්‍ය සේවකයින්ගේ නාමලේඛන සහතික කිරීම ලබන 8 වැනිදා සිදුකිරීමට නියමිතයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා ලබන 11 වැනිදා තැපෑලට භාරදෙන බවයි.
මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කිරීම මේ මස 22 වැනිදා සිදුකෙරෙන අතර අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට මේ මස 25 සහ 26 දෙදින ලබා දී තිබෙනවා.
මේ අතර, පසුගිය දෙසැම්බර් 9 වැනිදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 20 ක් වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 49 ක්.
දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අතු පාර යාය කොට්ඨාසයේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයක බැනර් කට්අවුට් හා කොඩි කපා දමා විනාශ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකගේ මහවෙල ප්‍රදේශයේ පිහිටි නිවසට 31 රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කළුතෙල් සහ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අදාළ පහරදීමට පැමිණි බවට සැකකෙරෙන ජීප් රථයක් අනතුරට ලක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකුගේ නිවසේ ගාල්කර තිබියදී පොලිස් භාරයට ගනු ලැබුවා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
මේ අතර තංගල්ල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලයක් ඊයේ(01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
ඒ සඳහා තංගල්ල නගරයේ සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ ඊට බලපත්‍ර ලබාගෙන නොමැති බව පවසමින්.
කෙසේ වෙතත් සංවිධායකයින් පවසන්නේ ඒ සඳහා අවසර ලබාගෙන ඇතිබවයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇල්ල ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයෙකු හෘදයාබාධයක් වැළඳී බදුල්ල රෝහලට ඇතුළත් කර සිටියදී 31 රාත්‍රියේ මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කුඹල්වෙල හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට අනුව නාම යෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු මිය ගිය විට ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙකුට අපේක්ෂකත්වය ලබාදිය නොහැකි බවයි.

Latest News
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026
නාමල්ට එරෙහි සාක්ෂි ගැන පොහොට්ටුවෙන් සැකයක් – “විශ්වාස කරන්න බැහැ” සාගර කියයි
Local
09 September 2026
ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි
Local
09 September 2026
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026