General02 January 2018

පොකුණක සැඟව ගිය තරුණයින් දෙදෙනා

ගාල්ල - මකුළුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබෙන පොකුණක දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙම දරුවන් දෙදෙනා ඥාතීන් සමඟ දේවස්ථානයට පැමිණ ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් තරුණයා මියගොස් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.
Related recommendation
Hiru TV News | Programmes