නව දේශීය ආදායම් පනත හෙට (01) සිට ක්‍රියාත්මක වනවා. එහිදී මෙරට බදු ක්රමයේ වෙනස්කම් කිහිපයක්ම අපේක්ෂා කෙරෙන අතර, නව බදු හදුන්වාදීම් ද ඊට ඇතුළත්.
නව දේශීය ආදායම් පනත හෙට සිට ක්‍රියාත්මක වීමත් සමග මෙරට බදු ක්රමයේ විශාල වෙනස්කම් රැසක් අපේක්ෂා කරනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සදහන් කළේ නව බදු ක්‍රමය යටතේ මෙරට ආයෝජන පරිසරය වැඩි දියුණු වනු ඇති බවයි.
නව දේශීය ආදායම් පනත සමාජයේ විවිධ ක්ෂේත්රවලට බලපෑම ද විශේෂත්වයක්. එබැවින් ජනතාව පීඩාවට පත්වන බවටයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ.
නව දේශීය ආදායම් පනත මගින් හෙට සිට ක්‍රියාත්මක වන ප්‍රධාන බද්දක් වන්නේ ප්‍රාග්ධන බද්දයි.
යම් අයෙකු තමන්ට හිමි දෙවැනි නිවස හෝ ඉඩම විකිණීමේදී මෙන්ම ආයෝජන වත්කමක් වන ‘‘නිවහනක්’‘ විකිණීමේදී වෙළදපොලේ මිල හා විකුණුම් මිල අතර වෙනස සියයට 10 ක බද්දකට යටත් වනු ඇති.
වර්ෂයකට රුපියල් මිලියන 25 යි දශම 5 ක ආදායමක් උපයන වෘත්තිකයන්ට කලින් බලපෑ සියයට 12 ක බදු අනුපාතය සියයට 24 ක් දක්වා ඉහළ යාම විශේෂත්වයක්.
මාසික ආදායම ලක්ෂ 3 කට වඩා වැඩි වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි වෘත්තීකයන්ට මෙය විශේෂයෙන් බලපානු ඇතැයි අපේක්ෂිතයි.
උපයන විට ගෙවීමේ වාර්ෂික බදු සීමා රුපියල් ලක්ෂ හතහමාරේ සිට ලක්ෂ 12 දක්වා වැඩි කර ඇති අතර දැනට අදායම් බදු ගෙවන පිරිසක් ඒ අනුව බදු ගෙවීම් වලින් නිදහස් වනවා.
විදේශයක සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු ශ්‍රී ලංකාවේ බැංකුවක රදවා ඇති මුදලට ලැබෙන පොලිය මත ද සියයට 5 ක බද්දක් පැනවෙනවා.
එය මෙතෙක් ක්‍රියාත්මක නොවූ බද්දක් ලෙස සැලකිය හැකියි.
මෙරට බැංකුවල ඉතුරුම් ගිණුම් වල පොලී ආදායම මත ද සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ද හෙට සිට අය කෙරෙනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් වල පොලී ආදායම මත ද එය ක්‍රියාත්මක වන නමුදු ඒ සදහා ඉහළ සීමාවක් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක සදහන් කළා.

Latest News
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026
නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට : පසුව පොලිස් ඇප
Local
30 August 2026
කැබ් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Local
30 August 2026
සෙවනගල අර්බුදය හෙට කම්කරු දෙපාර්තමේන්තුව හමුවට
Local
30 August 2026
චීනයේ නව සයිබර් නීති ගැන තායිවානය බියෙන්
Local
30 August 2026
කිරින්ද පොලිස් සැරයන්වරයෙකු අතුරුදන් – දින 5කට පසු පොලිසියට පැමිණිල්ලක්
Local
30 August 2026
22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේදී උද්ඝෝෂණයක්
Local
30 August 2026
නේපාලයට පිහිට වෙන්න කඩිනමින් ශ්‍රී ලංකාවෙන් සහන කණ්ඩායමක්
Local
30 August 2026
උතුරු ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමක් : අයෙක් මියගොස් 5කට තුවාල
Local
30 August 2026
දිවිපිදූ රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා යුද හමුදාපති නිවසට යයි
Local
30 August 2026