General19 April 2018

ජවිපෙ 20 කුමන්ත්‍රණයක් - ගුණදාස අමරසේකර

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන සංශෝධනය බටහිර බලවේගවල තවත් කුමන්ත්‍රණයක් බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, යූ ඇන් පීයත් එක්ක හදපු මේ පූට්ටු ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නෙවෙයි. මේකෙන් ඉවත් වීමට කටයුතු කිරීම මේරටේ ජනතාවගේ අපේක්ෂාව. ඒත් මම හිතන්නෙ නැහැ. කිව්වාට මේක සිද්ධ වෙන්න ඉඩකඩ තිබෙයි කියලා. බටහිර බලවේග මේ ආණ්ඩුවට කඩාගෙන වැටෙන්න ඉඩ දෙන්නෙ නැහැ. බටහිරයන්ගේම තවත් කුමන්ත්‍රණයයේම තවත් පියවරක් තමයි මේ ජේ වී පි එකෙන් ගෙනාපු යෝජනාව විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න කටයුතු කිරීම. ඒකාබද්ධ විපක්ෂත් කිව්වා මේක කලාට කමක් නැහැ ඒ කරන අතරම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. මොන අදහසකින් කිව්ව ද මම දන්නෙ නැහැ. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා නම් 13 ත් අහෝසි කරන්න  ඕනා. ඒ දෙකම අහෝසි කරන්න  ඕනා අහෝසි කරනවා නම්. ’’


Related recommendation
Hiru TV News | Programmes