වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
එහි උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළම සිසුන් සියයකට ආසන්න පිරිසක් වෛරස් උණ වැළඳීම හේතුවෙන් අසනීප වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළා.
මේ අතර, ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය වැළදුනු බවට සැකකෙරෙන රෝගීන් 30 දෙනෙකු ඇඹිලිපිිටිය රෝහලේත් ප්‍රතිකාර ලබන බවට ඊයේ අනාවරණ වුණා.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ද කියා සිටියේ දකුණේ උණ රෝගය මේ වනවිට සබරගමුව පළාතට ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අප කළ විමසීමකදී කියා සිටියේ මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ කණ්ඩායමක් එම පළාතට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය අනෙකුත් පළාත්වලට පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම, දකුණු පළාතේ මේ වනවිට ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළඳුණු රෝගීන් 2500 ක් පමණ හමුවී ඇති බවයි සෞඛ්‍ය අංශ මීට පෙර සදහන් කළේ.

Latest News
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
Local
22 June 2026
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
22 June 2026
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
Local
22 June 2026
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
Local
22 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි - 54 දෙනෙකුට තුවාල 18 දෙනෙකු අතුරුදහන්
Local
22 June 2026
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
Local
22 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
22 June 2026
"මතක තියාගන්න.. ආපහු අවුරුදු ගාණකට වෙන ආණ්ඩුවක් එන්නේ නෑ" - මාලිමා මන්ත්‍රී අරුණ
Local
22 June 2026
"අඩුවට තෙල් ගෙනාවම අඩු මිලට දෙන්නම්" - නි. ඇමති රුවන්
Local
22 June 2026
රුපියල් කෝටි 6ක මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 6ක මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 June 2026