General26 September 2018

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල රුපියල් 195 කින් ඉහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහළ දැමීමට ගෑස් සමාගම් වෙත අවසර ලබාදුන් බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.  

ගෑස් සමාගම් කළ ඉල්ලීම අනුව මෙම මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කළ අතර, මිල තීරණය කිරීම ජීවන වියදම් කමිටුවට පැවරුණා.

ඒ අනුව ජීවන වියදම් කමිටුව පසුගියදා තීරණය කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමටයි.

ඒ අනුව රුපියල් 1538 ක් ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1733 දක්වා ඉහළ යනු ඇති.



Related recommendation
Hiru TV News | Programmes