පාකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ, තහනම් කරන ලද විරෝධතා කණ්ඩායමක සාමාජිකයින් සහ ආරක්ෂක අංශ අතර සිදු වූ ගැටුම්වලින් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීහු පවසනවා.
මෙම ගැටුම හටගෙන ඇත්තේ, මෙම මස අගදී පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය මැතිවරණයට අදාළ මතභේදාත්මක මැතිවරණ ක්‍රමවේදයට එරෙහිව විරෝධතාකරුවන් විසින් සංවිධානය කර තිබූ පාගමනකට දිනකට පෙරයි.
මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ පාකිස්ථානයේ වෙනත් ප්‍රදේශවල ජීවත් වන සරණාගතයින් වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ වෙන් කර ඇති ආසන 12ක් පිළිබඳ පවතින මතභේදයක්.
විරෝධතාකරුවන් පවසන්නේ මෙම ක්‍රමය මඟින් ප්‍රාදේශීය නියෝජනය අඩපණ වන බවයි.
පුන්ච් ප්‍රාදේශීය කොමසාරිස් වහීඩ් ඛාන් ප්‍රකාශ කළේ, විරෝධතාකරුවන් විසින් ආරක්ෂක රථ පෙළක් අවහිර කරමින් පුන්ච් කලාපයේදී නිලධාරීන්ට ප්‍රහාර එල්ල කළ බවයි.
"පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කළේ තමන්ගේ ආත්මාරක්ෂාව සඳහායි," ඔහු රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.
තාරර්ඛාල් ප්‍රදේශයේදී සිදු වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් හය දෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති අතර, රාවලාකොට් හි සිදු වූ තවත් වෙනම ගැටුමකින් විරෝධතාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය ජුනි මාසයේදී තහනමට ලක් වූ 'ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුව' (JAAC) විසින් රාවලාකොට් බලා පාගමනක් යාමට කැඳවුම් කර තිබුණා.
ඛාන් පැවසුවේ විරෝධතාකරුවන්ට නගරයට ඇතුළු වීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවයි.
ප්‍රාදේශීය වාර්තාවලට අනුව, පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Latest News
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026
ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයේ සංචාරයක
Local
16 July 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට ලක්ෂ දෙකක දඩ
Local
16 July 2026
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026
වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා
Local
16 July 2026
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
Local
16 July 2026
වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
Local
16 July 2026