General21 April 2019

කුඩා දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

වයස අවුරුදු 03 ට අඩු දරුවන් ජංගම දුරකතන හෝ එවැනි තිර සහිත උපකරණ දිනකට පැයකට අධික කාලයක් කාලයක් භාවිත කිරීම අහිතකර බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එම තිර දරුවන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

එමෙන්ම, ජංගම දුරකතන සඳහා ඉදිරි පරම්පරාව ඇබ්බැහි වීමද අවම කළ යුතු බවයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ. 
Related recommendation
Hiru TV News | Programmes