General21 April 2019

කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියඅභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිපිරීම සිදුවන විට ඇය තම පවුලේ ඥාතීන් සමග අදාළ හෝටලයේ රැඳී සිට ඇති බවටයි හෙළිවන්නේ.

මේ අතර කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 3ක සිදුවූ පිපිරීම්වලින් විදේශිකයන් 9 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුනා.

තුවාල ලබා ඇති විදේශිකයන් සංඛ්‍යාව 13ක්.

මේ අතර කොළඹ හෝටල් 3ක සහ දේවස්්ථානයක සිදුවු පිපිරීම්වලින් 45 දෙනෙකු මියගොස් තිබෙනවා.

මඩකලපුව දේවස්ථානයක පිපිරීමෙන් 300කට වැඩි පිරිසක් රෝහල් ගත කළ අතර 27 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

තුවාල ලැබුවන් ප්‍රතිකාර ලබන්නේ මඩකලපුව මහ රෝහලේයි.

පිපිරීම්වලින් වැඩිම පිරිසක් මරණයට පත්වී ඇත්තේ කටාන කටුවාපිටිය දේවස්ථානයේයි.

එහිදී පුද්ගලයන් 32ක් මරණයට පත්වු අතර 106 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes