කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හීද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ බව පවසන පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින කටයුතු කර තිබෙනවා.
එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ගේ පුස්තකාලයක් සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී, විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදි කර ඇති බවයි.
ඒ අනුව වර්තමානයේ රටේ පවතින තත්වය නිසා තවත් පල්ලියක අවශ්‍යතාවයක් නොවන නිසා තම පල්ලියේ කාරක සභාව එක්ව අදාළ පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පසුව මෙම ඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමා ඇති අතර අරාබි අකුරුවලින් ලියවී තිබූ පළකයක් ද කඩා දමා තිබෙනවා.
එම ස්ථානයට පැමිණි මඩාටුගම ප්‍රදේශවාසීයකු වූ මොහොමඩ් අමීන් නැමැත්තෙකු කියා සිටියේ මෙසේ කඩා දැමූ පල්ලියට නමක් නොතිබූ බවත් එය මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බවත් තවුහිත් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බවත් ඔහු සදහන් කර තිබෙනවා.
මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමග කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ බවත් ඒ නිසා තම ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කොට නැවතත් මෙම ප්‍රදේශයේ ජනතාව සමග එක්ව කටයුතු කිරීමට අවැසි නිසා මෙම විදේශ රටවලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට තීරණය කළ බවත් ඔවුන් ප්‍රකාශ කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

Latest News
රටට වැසි පතා අභයාරාමයේ වැහි පිරිත අද ඇරඹේ
Local
02 September 2026
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කෑම පැයේ විරෝධතාවක
Local
02 September 2026
ඉන්දීය මුදල් ඇමති සහ ලෝක බැංකු ප්‍රධානියා අතර හමුවක්
Local
02 September 2026
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත් ඇරඹෙයි
Local
02 September 2026
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා, අක්‍රමිකතා රැසක් පවතිනවා: විපක්ෂ නායක සජිත්
Local
02 September 2026
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
Local
02 September 2026
චමරි සිය ක්‍රිකට් දිවියේ හොඳම ICC ශ්‍රේණිගත කිරීම හිමිකර ගනී
Local
02 September 2026
එල් නිනෝ ගැන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙනුත් දැනුම්දීමක්
Local
02 September 2026
දරුවන් සදහා විදෙස් ගමන්බලපත්‍ර ලබා ගැනීමේදී අමෙරිකාවෙන් නව නීති
Local
02 September 2026
ඉරාන යුද්ධය මැද චීන ජනපති ඊජිප්තුවට
Local
02 September 2026