උතුරුමැද පළාතේ සහ මධ්‍යම පළාතේ එළවළු වගා කරන ප්‍රදේශ බොහොමයක මෙවර එළවළු වගාවට හඳුනා නොගත් රෝගයක් වැළඳීම නිසා වගාවන් විනාශ වෙමින් පවතින බව ගොවීන් පවසනවා.
විශේෂයෙන් උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මෙම රෝග තත්ත්වයන් නිසා විශාල වගා බිම් ප්‍රමාණයක් විනාශවීම හේතුවෙන් ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ඔවුන් පවසනවා.
ගොවීන් කියා සිටින්නේ වැල් සහිත වගාවන් මෙයාකාරයෙන් වැඩි වශයෙන් පත්‍ර කොඩ වීම, පත්‍ර කහවීම කුඩා කාලයේ සිටම ගෙඩි හට නොගැනීම හටගන්නා ගෙඩිය කුඩා කාලයේම විනාශ වීම ආදී රෝග රැසක් පවතින බවයි.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා දේවහුව, වටගල, කලාවැව, දඹුලු හල්මිල්ලෑව,හබරත්තවල , බුදුගේහින්න ,ගල්නෑව ,නාවුල ,ලග්ගල ,හබරණ ,ආදී ප්‍රදේශවලට ගිය විට විශාල වශයෙන් වගා විනාශයන් දැක ගැනීමට හැකි වී තිබෙනවා.
වට්ටක්කා ,කැකිරි ,පිපිඤ්ඤා ,කොමඩු, දඹල, වැටකොළු,බෝංචි ,කරවිල ,මැකරල් ,පතෝල ,ආදී එළවලුවලට අමතරව, වී වගාවට ද මෙම රෝගය ගොදුරුවී ඇති බව දක්නට තිබෙනවා.
ගොවීන් කියාසිටින්නේ මෙම තත්වය සොයා බැලීම සඳහා මෙතෙක් කිසිදු රජයේ වගකිවයුතු නිලධාරියකු තම ප්‍රදේශයට නොපැමිණි බවයි .
තම මුදල් මෙන්ම අත කණකර, උකසට තබා විවිධ ස්ථානවලට ණය වී ගොවිතැන් ආරම්භ කළ ද මේවනවිට අස්වැන්න හටගන්නා අවස්ථාවේදීම විනාශයට ලක්වන බව ගොවීන් වැඩිදුරටත් පවසනවා.
මෙම වගාවන් සඳහා සහනාධාර පොහොර ලබාගෙන ගොවි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණය කොට තිබුණද මෙතෙක් අඩුම තරමේ රක්ෂණ වන්දියක් හෝ නොලැබෙන බව ඔවුන් පවසනවා.
උතුරුමැද පළාතේ සහ මධ්‍යම පළාතේ කෘෂිකර්ම බලධාරීන්ගේ අවධානය කඩිනමින් මේ පිළිබඳව යොමු කරන්නැයි ඉල්ලා සිටිනවා.

Latest News
අමෙරිකාවේ තීරුබදුවලට "ඩොලරයට ඩොලරයක්" සමාන බදු ගහනවා – කැනඩා අගමැති
Local
22 August 2026
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් බස් ලලිත් අනිද්දා දිවයිනට
Local
22 August 2026
මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
Local
22 August 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
Local
22 August 2026
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
22 August 2026
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026