General22 November 2019

හිටපු අගමැති දි.මු. ජයරත්නගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය අද පස්වරු 1 සිට 3 දක්වා රාජ්‍ය ගෞරව සඳහා පාර්ලිමේන්තුවේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

මහනුවර - ගම්පොළ ප්‍රදේශයේ සිට දේහය ගුවනින් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමෙන් අනතුරුව උත්සව මාවත ඔස්සේ දේහය පාර්ලිමේන්තුවේ ප්‍රධාන පියගැට පෙළ වෙත රැගෙන ඒමට නියමිත බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ.

එහිදී කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභාපති, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තු මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම් විසින් දේහය භාර ගැනීම සිදුකෙරනවා.

පසුව වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටුකොටගෙන අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය රතු පලස මතින් පාර්ලිමේන්තුවේ උත්සව ශාලාව වෙත රැගෙන ගොස් තැන්පත් කිරීමට නියමිතයි.

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොල - දොලූව - හාලියද්ද ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes