General24 November 2019

රටේ කිසි විටකත් හමුදා පාලනයක් ඇති නොවන බව නව ආරක්ෂක ලේකම් කියයි

රටේ කිසි විටකත් හමුදා පාලනයක් ඇති නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවටත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න  මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ මිහින්තලේ පුදබිමට පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ මිහින්තලේ රජමහා විහාරයට ගොස් විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

Related recommendation
Hiru TV News | Programmes