General10 December 2019

ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි කැරොලින් ජූරි දිවයිනට

ලෝක විවාහක රූ රැජිණ  කිරුළ ජයග්‍රහණය කළ කැරොලින් ජූරි අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ගුවන් තොටුපොල හිරු වාර්තාකරු පැවසුවේ ඇයව පිළිගැනිම සඳහා ගුවන් තොටුපොළේ විශේෂ උත්සවයක් සූදානම් කර ඇති බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟයේදී ඇය එම කිරුළ ජයග්‍රහණය කළේ ලොව පුරා විවාහක රූ රැජිණියන් 50 දෙනෙකු අභිබවමින්.

1984 වසරේ පැවති ප්‍රථම විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය රෝසි සේනානායක ජයග්‍රහණය කිරීමෙන් පසු එනම්, වසර 35කට පසුවයි ශ්‍රී ලාංකික රූ රැජිණක් නැවතත් එම කිරුළ ජයගෙන ඇත්තේ.



Related recommendation
Hiru TV News | Programmes