දකුණු කොරියාවේ සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වයස අවුරුදු 30ක් සහ 37ක් වන ඔවුන් ගුවන් තොටුපලේ සිට ගිලන් රථයකින් මීගමුව රෝහල වෙත රැගෙන ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
අද උදැසන කොරියානු ගුවන් සේවයට අයත් ඊ.කේ. 473 දරණ එම ගුවන් යානයෙන් මගීන් 182 කු මෙරටට පැමිණ ඇති අතර, ඉන් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයින්.
කටුනායක ගුවන් තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රිය උපකරණ මගින් ගුවන් මගීන් නිරන්තර පරීක්ෂාවට ලක් කරන අතර, එමඟින් මෙම උණ රෝගීන් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා.
දකුණු කොරියාවේ නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමත් සමඟ එරට සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ගුවන් තොටුපල කාර්යභාර නිලධාරී ප්‍රකාශ කළා.
එමෙන්ම කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපල පරිශ්‍රයේ නව පියවර ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා.
මක්කම සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු උණ සහ ප්‍රතිශ්‍යා තත්ත්වය හේතුවෙන් මීගමුව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ ප්‍රථම මරණය වාර්තාවීමත් සමඟ ජනපති ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර සංචාර සීමාවන් පනවා තිබෙනවා.
ඒ අනුව ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුලුවීම සීමා කර ඇති අතර, ඉතාලියේ සහ දකුණු කොරියාවේ වෛරසය ව්‍යාප්ත වූ ප්‍රදේශ වෙත සංචාරය නොකරන ලෙස ඇමරිකානුවන්ට අවවාද කෙරෙනවා.
මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ඉතාලියේ මිලාන් නුවර වෙත සිය ගුවන් ගමන් අත්හිටුවීමට ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
මේ වනවිට ඇමරිකාවේ කොවිඩ් - 19 ආසාදිත සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 61 කට ව්‍යාප්ත වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය එහි අවදානම උපරිම මට්ටමට නංවනු ලැබුවා.
මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 2978ක් වාර්තාවන අතර, ආසාදිත සංඛ්‍යාව 86,983ක්.
චීනය හැරුණුකොට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම්, 3526 ක් වාර්තාවන්නේ දකුණු කොරියාවෙන්. ඒ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 376 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.
දකුණු කොරියාවෙන් කොරෝනා වෛරස් මරණ 17 ක්ද වාර්තාවුණා.
ඉතාලියේ ආසාදිත සංඛ්‍යාවද 1128 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 29 ක් ලෙසයි වාර්තාවන්නේ.

Latest News
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026
විනිසුරුවරුන් විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව පොදු යහපත වෙනුවෙන් බවට ජනපති නීතිඥ සංගමය හමුවේ අවධාරණය කරයි
Local
12 August 2026
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක්: තුවාලකරුවෙක් රෝහලට
Local
12 August 2026
චීනයේ හිටපු අගමැති Zhu Rongji අභාවප්‍රාප්ත වෙයි
Local
12 August 2026
අකිල විරාජ්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
12 August 2026
බන්ධනාගාරයට කුඩු යැවූ නියාමකයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
Local
12 August 2026
RIB දත්ත කළමනාකරණ සම්මාන උළෙලේදී HNB Financeට රජත සම්මානය
Local
12 August 2026
වාග් චිකිත්සකවරුන් 52කට පත්වීම්
Local
12 August 2026
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන විද්වත් සාකච්ඡාවකින් පසු තීරණයක් ගන්නැයි නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
ක්‍රීඩකයෙකුගේ පහරදීමකින් ක්‍රීඩාංගණ සේවකයෙක් මරුට
Local
12 August 2026