General12 August 2026

ක්‍රීඩකයෙකුගේ පහරදීමකින් ක්‍රීඩාංගණ සේවකයෙක් මරුට

බහින්බස්වීමක් දුරදිග‍ ගොස් කොළඹ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයකු කළ පහරදීමකින් හිටපු ක්‍රිකට් ක්‍රිඩක හා පුහුණුකරුවකු වූ අයෙකු මියගොස් ඇතැයි කුරුදුවත්ත පොලිසිය පවසනවා. 

මෙම පහරදීම සිදුකර ඇත්තේ 17 හැවිරිදි ක්‍රිකට් පුහුණු පාසලක පුහුණුව ලබන ක්‍රිකට් ක්‍රීඩයකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රිඩක හා පුහුණුකරුවකු වූ සුමිත් ප්‍රනාන්දු (61) යන අයයි.

මෙම සිද්ධියට අදාල සීදුව ලියනගේමුල්ල පදිංචි තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes