General07 March 2020

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මඩකළපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය යොදා ගැනීමේ සූදානමක්

ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් නිරෝධානය කිරීමට මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය විශේෂ නිරෝධානය මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එහි නිරෝධානය කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

Related recommendation
Hiru TV News | Programmes