General13 June 2026

රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි

පසුගිය රජයන් සමයේ මෙන් සමෘද්ධි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදා නොගත් බවත් රාජ්‍ය සේවකයාට හිමි ගෞරවය ලැබෙන අයුරින් සේවය කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ඇති බවත් ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පවසනවා.

සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ 29 වන ජාතික සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මාලිමා රජය ඉතාමත් කෙටි කාලයක් තුල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටළු රැසකට විසඳුම් ලබා දීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම විශ්‍රාම වැටුප් ගැටළුව, වැටුප් අධිභාරය සම්බන්ධ ගැටළුව, වැටුප් කේත සම්බන්ධ ගැටළුව සහ ප්‍රශ්නගත සේවකයන් සම්බන්ධ විමර්ශන කඩිනම් කර ඒවාට විසඳුම් ලබාදුන් බවයි අමාත්‍ය උපාලි පන්නිල වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes