කොවිඩ් 19 වෛරසය ඇමරිකාවේ ව්‍යාප්ත වීමෙන් පසු තමන් සිදුකළ දෙවන පරීක්ෂාවෙන් ද එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු එම දෙවන පරීක්ෂණයට ලක්වී ඇත්තේ ඊයේ දිනයේදී ඒ සඳහා යොදාගෙන ඇත්තේ විනාඩි 15කින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ හැකි නව පරීක්ෂණ කට්ටලයක්.
73 හැවිරිදි ඇමරිකානු ජනපතිවරයා පසුගිය මාසයේ මැදභාගයේදී ද මෙලෙස කොරෝනා වෛරස් පරීක්ෂාවකට ලක්වුණා.
ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාවක් එනම්, දෙලක්ෂ 45,000ක් දැන් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
ඇමරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තාගත ලෙස 1169 කින් ඉහළ ගොස් තිබෙනවා.
එය ලොව ඕනෑම රටකින් එක්දිනකදී වාර්තා වූ වැඩිම කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාවයි.
මේ අතර, චීනය කොරෝනා වෛරසයේ සිය හානිය පිළිබඳ සැබෑ දත්ත සඟවන බවට ඇමරිකා එක්සත් ජනපදය චෝදනා කරනවා.
ජගත් සංවිධානයේ හිටපු ඇමරිකානු තානාපතිනි ඉන්දියානු සම්භවයක් සහිත නිකී හේලී කියා සිටියේ චීනය කොරෝනා වෛරසයේ මරණ සහ ආසාදිත සංඛ්‍යාව පිළිබඳ දැන් ඉදිරිපත් කරන ලේඛන කිසිලෙසකින් නිවැරදි විය නොහැකි බවයි.
චීන බලධාරීන් ඉදිරිපත් කරන දත්ත පිළිබඳ විශ්වාසයක් නොතබන ලෙස සී.අයි.ඒ. සංවිධානය ධවල මන්දිරයට උපදෙස් දී ඇති බවයි ඇය සඳහන් කළේ.
චීනය කොවිඩ් නයින්ටීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දත්ත පිළිබඳව ජනපති ට්‍රම්ප් ද සිය මාධ්‍ය හමුවේදී සැක පළ කළා.
බිලියන 1.5ක් ජනගහනයක් සහිත චීනයේ ආසාදිතයන් 82,000ක් සහ මරණ 3300ක් පමණක් වාර්තා වීම පැහැදිලිවම නිවැරදි නොවන බව ජගත් සංවිධානයේ හිටපු තානාපතිනී නිකී හෙලීගේ අදහසයි.
ආසාදිතයන් දෙලක්ෂ 45,000ක් සහ මරණ 6000ක් ලෙස ඇමරිකාවේ දත්ත හා සැසදීමේදී එය පැහැදිලි වන බව ඇය කියා සිටියා.
ලෝකයම කොවිඩ් 19 වෛරසය පරාජය කිරීම සඳහා දියත් කර ඇති සටනට සහය වනු වෙනුවට චීනය සිය කීර්ති නාමය ගොඩනැගීමේ උත්සාහයක නිරත වන බවටයි නිකී හේලී චෝදනා කළේ.
මේ අතර, ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 15,242ක් වන අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව 13,915ක් ලෙසයි සටහන් වන්නේ.
ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේ කොවිඩ් මරණ 950ක් වාර්තා වූ අතර, එය එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
ස්පඤ්ඤයේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා ඇති අතර, එරට ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 12,000කට අධිකයි.
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද මේ වන විට 3000කට ආසන්න වන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 33,700 ඉක්මවනවා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබද සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කරන ආයතනයක් අනාවැකි පළ කර ඇති පරිදි බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ලබන 12 වන දා වන විට උපරිම මට්ටමට පැමිණිය හැකියි.
මෙවර පාස්කු ඉරිදා දිනය යෙදී ඇත්තේ ද එදිනටයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානය හේතුවෙන් සෞදි අරාබිය එරට මුස්ලිම් ආගමික පූජ්‍යස්ථාන පිහිටි මැකා සහ මදීනා නගර වලට පැය 24 පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
විදේශ ශ්‍රමිකයන් විශාල වශයෙන් වෙසෙන ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් ද මේ වන විට බොහෝ නගර වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
සෞදි අරාබියෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 1885ක් සහ මරණ 21ක් වාර්තා වී තිබෙනවා.
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂ 16,413ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 53,238ක්.

Latest News
ජාතික රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීමට සැලසුමක්
Local
25 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 65.12කින් පහළට
Local
25 August 2026
ජනතාව අපේක්ෂා කළ ක්රමයේ වෙනස අද නෑ - විපක්ෂ නායක
Local
25 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශව පිටාර මට්ටමට
Local
25 August 2026
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී නීති කඩකළ ප්‍රභාත් ජයසූරියට ICCයෙන් අවවාද
Local
25 August 2026
පානදුර නිලංග ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
25 August 2026
'කෙහෙල්බද්දර පද්මේ' ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 August 2026
තෙවැනි රන්දෝලි පෙරහර අද පස්වරුවේ වීදි සරයි
Local
25 August 2026
තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ සේවා නවීකරණය පිළිබඳව COPA අවධානය
Local
25 August 2026
සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග
Local
25 August 2026