පොළොන්නරුව, වැලිකන්ද - සඳුන්පිටිය ගම්මානයේ ගෑස් සිලින්ඩරයක් පිපිරී, 19 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවල ලබා මියගිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වාර්තාවේ සඳහන් වන්නේ, අදාළ කාන්තාව, සියදිවි හානි කරගෙන ඇති බවට ඇය මරදාන පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ පැහැදිලිව සටහන්ව ඇති බවයි.
කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේත් අදාළ කාන්තාවගේ මරණය සියදිවි හානි කරගැනීම හේතුවෙන් සිදු වූවක් බවට තහවුරු කළ හැකි බවයි.
අදාළ කාන්තාව සහ සැමියා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැමියා රැකියාවට පිටත්ව යාමෙන් පසු අදාළ කාන්තාව සිය සිරුරට භුමිතෙල් වත්කරගෙන ගිනි අවුළුවා ගෙන තිබෙනවා.
ඇය එසේ කිරීමට පෙර සිය සැමියාට වට්ස්ඇප් ඔස්සේ දුරකතන ඇමතුමක් ලබා දී භූමිතෙල් බෝතලය ද පෙන්වා ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.
කෙසේ වෙතත්, සැමියා ආපසු නිවසට පැමිණෙද්දි ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව පළමුව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත්තේ, ඇයගේ අසල්වැසි කාන්තාවක විසිනුයි.
ඇය කරුණු හරි හැටි සොයා නොබලා රෝහල් පොලීසියට අනුමාන වශයෙන් කියා ඇත්තේ, ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වන්නට ඇති බවටයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මෙම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට පළමුව යොමු කෙරුණු අතර, ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලබන්නේ පොළොන්නරු රෝහල හරහා යි.
මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවද්දී, මරදාන පොලිසිය විසින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
එහිදී ඇය පවසා ඇත්තේ, සිය සැමියා සමග ඇති වූ අමනාපය හේතුවෙන් භූමිතෙල් වත් කරගෙන සිරුරට ගිනි තබා ගත් බවයි.
කෙසේ වෙතත්, අප වාර්තාකරු සමඟ අදහස් දැක් වූ මෙම 19 හැවිරිදි බී.ජී. අයේශා කුමුදුනිගේ පියා වන බී.ජී. ජයසූරිය කියා සිටියේ, සිය දියණිය අලුයම ගෑස් ලිප පත්තු කිරීමට යාමේදී සිදු ව තිබූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙලෙස හදිසි අනතුරට ලක් වූ බවයි.
ඔහු වැලිකන්ද පොලිසියට ද ලබා දී ඇත්තේ, එම ප්‍රකාශය යි.

Latest News
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 65.12කින් පහළට
Local
25 August 2026
ජනතාව අපේක්ෂා කළ ක්රමයේ වෙනස අද නෑ - විපක්ෂ නායක
Local
25 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශව පිටාර මට්ටමට
Local
25 August 2026
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී නීති කඩකළ ප්‍රභාත් ජයසූරියට ICCයෙන් අවවාද
Local
25 August 2026
පානදුර නිලංග ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
25 August 2026
'කෙහෙල්බද්දර පද්මේ' ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 August 2026
තෙවැනි රන්දෝලි පෙරහර අද පස්වරුවේ වීදි සරයි
Local
25 August 2026
තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ සේවා නවීකරණය පිළිබඳව COPA අවධානය
Local
25 August 2026
සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග
Local
25 August 2026
බස් ලලිත් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Local
25 August 2026