General24 February 2022

සද්ද දාපු නිසා ගැහුවා - පුටින් කියයි (වීඩියෝ)

යුක්රේනය සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් යුද ආක්‍රමණය කිරීමට සිදු වූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයෙන් රුසියාව සිය හමුදා මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කළ අතර මේ වන විට ඔවුන් උතුරු ප්‍රදේශයෙන් ද සිය හමුදා යුක්රේනයට ඇතුළු වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, දකුණු කොරියාව ද රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.


Related recommendation
Hiru TV News | Programmes