ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ හමුවේ විභාග වූ අල්ලස් හෝ දූෂණ නඩුවලට අදාලව පුද්ගලයින් 14 දෙනෙකු වැරදිකරුවන් වී ඇති බව අල්ලස් කොමිසම පවසනවා.
ඒ අනුව නඩු 13කට අදාළව මෙම පිරිස වැරදිකරුවන් බවට පත්ව ඇතැයි එම කොමිසම සඳහන් කරනවා.
මෙම කරුණු ඇතුළත්ව තිබුණේ අල්ලස් කොමිසම ඉදිරිපත් කරන මාසික ප්‍රගති වාර්තාවෙන් වන අතර, එලෙස වැරදිකරුවන් වූ පිරිස අතර සිවිල් පුද්ගලයින් මෙන්ම විවිධ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් රැසක් ද සිටින බවයි එම වාර්තාවේ දැක්වුණේ.
සිවිල් පුද්ගලයින් 04 දෙනෙක්, පොලිස් කොස්තාපල්වරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, ක්වාසි විනිසුරුවරුන් 02 දෙනෙකු, ග්‍රාම නිලධාරීවරයෙකු, සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරීවරයෙකු, බීට්ටු නිලධාරියෙකු, සෞඛ්‍ය පරිපාලකවරයෙකු, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හිටපු මානව සම්පත් අධ්‍යක්ෂවරයෙකු සහ කම්කරු නිලධාරියෙකු ද අධිකරණය මගින් එලෙස වැරදිකරුවන් කර තිබෙනවා.
ඒ අනුව ගතවූ මාස හතර තුළ සමස්තයක් ලෙස නඩු 13කට අදාළව පුද්ගලයින් 14 දෙනෙකු අධිකරණය මඟින් මෙලෙස වැරදිකරුවන් කර තිබෙනවා.
Latest News
වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ
Local
14 June 2026
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ
Local
14 June 2026
රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට
Local
14 June 2026
ලෝක දුම්කොළ විරෝධී දින ජාතික සැමරුම හෙට
Local
14 June 2026
ගතවූ මාස 4 තුළ අල්ලස් නඩු 13කින් පුද්ගලයින් 14ක් වැරදිකරුවන් කෙරේ: 10ක්ම රාජ්‍ය නිලධාරීන්
Local
14 June 2026
දුරකථන කේබල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් රාගම සහ මොරටුවෙන් කොටු
Local
14 June 2026
පාපන්දු ලෝක කුසලානයේ හයිටිය පරාජය කරමින් ස්කෝට්ලන්තයට ජය
Local
14 June 2026
කොදෙව් පිලට ලකුණු 195ක ඉලක්කයක්
Local
14 June 2026
අබුඩාබි හිදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
Local
14 June 2026