හිරු නොබසින කිරුළ පළන් දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (19) පැවැත්වෙනවා.
මේ වනවිට ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට එරට වේලාවෙන් අද උදෑසන 6.30 දක්වා අවස්ථාව හිමිවනු ඇති.
ඉන් අනතුරුව මහ රැජිණගේ දේහය උදෑසන 10.44 ට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ඒමට නියමිතයි.
එම අවස්ථාවට රාජකීයයන් ද පා ගමනින් එක්වනවා.
පසුව වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිට රැජිණගේ දේහය වින්ඩ්සර් මාළිගය වෙත රැගෙන ගොස් පැයක කාලයක් එහි තැන්පත් කෙරෙනු ඇති.
ඉන් අනතුරුව ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් ආදිපාදවරයාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේම පසෙකින් රැජිණගේ දේහය ද තැන්පත් කිරීමට නියමිතයි.
මේ අතර මහරැජිණගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇති වෙස්මිනිස්ටර් ශාලාවේ ඊයේ රාත්‍රි දේව මෙහෙයක් පැවැත්වුණු අතර, ඊට විලියම්, හැරී මෙන්ම ඔවුන්ගේ ආර්යාවන් සහ මුණුබුරු මිණිබිරියන් එක්ව සිටියා.
මෙහිදී රාජකීය වරප්‍රසාද අත්හළ හැරී කුමරු රාජකීය ගුවන් හමුදා නිල ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයක්.
එමෙන්ම තුන්වන චාල්ස් රජු සහ විලියම් කුමරු රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටින ජනතාව හමුවී කථාබහක නිරතව තිබුණා.
දශක හතක කාලයක් බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් දෙවන එළිසබෙත් රැජිණට අවසන් ගෞරව දැක්වීම සඳහා ලෝක නායකයන් රැසක් මේ වනවිට ලන්ඩනයට එක්රැස්වී තිබෙනවා.

Latest News
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
11 July 2026
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026