පරිසර ස්වාභාවික සම්පත් කෘෂිකර්මාන්තය හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස් වූ අවස්ථාවේ දී වී මිලදී ගැනීම හා රටේ සහල් අවශ්‍යතාව ගැන සාකච්ඡා කිරීමට නියමිතව තිබු බවත් විපක්ෂ නායකවරයා ලෙස තමාට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරීක්ෂකයකු ලෙස එක්විය හැකි නමුත් අදහස් පළ කිරිමට නොහැකි බවට මෙහි සභාපති හෙක්ටර් අප්පුහාමි ට වත්මන් රජය විසින් දැනුම් දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
අවස්ථා ගණනාවකදී මේ කාරක සභාවට එක්වූයේ පෞද්ගලික ප්‍රශ්නවලට විසඳුම් ගන්න නොව ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට බවත් කාලයක් පුරා ගොවි ජනතාවගේ ප්‍රශ්න ගැටලු අභියෝග ආදී කරුණු ගැන තමා දැනුවත් කර ඇති බවත් මෙකී ගැටලු ගැන පාර්ලිමේන්තුවේ රීති උපයෝගී කර ගෙන විපක්ෂයේ කටවල් වසා තැබීමට වත්මන් රජයේ මන්ත්‍රීවරුන් ගන්නා උත්සාහය පහත් ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
පසුගිය රජයේ මුදල් කාරක සභාවට 2023 ජුනි 29 වැනිදා එක්වූ මොහොතක එම කමිටුවට එක්වීම ප්‍රතික්ෂේප කර ඡන්දයක් ද පවත්වා සහභාගීත්වය වැළැක්වූ බවත් පසුගිය රජය කටයුතු කළ ආකාරයටම වත්මන් රජය ද ස්ථාවර නියෝගවලට මුවා වී ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්න තිබූ අදහස් ඉදිරිපත් කිරිම තහනම් කිරිම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
පසුගිය ජුනි 8 වැනි බදාද ගොවි නියෝජිත කණ්ඩායමක් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු රාශියක් ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාව වන තුරු වී සඳහා ලබා දෙන ස්ථාවර මිල ගැසට් කර නොතිබු බවත් ඒ අවස්ථාවේ ගොවි ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පසු වී අලෙවි මණ්ඩලය චක්‍ර ලේඛයක් හරහා වී සඳහා ලබා දෙන ස්ථාවර මිල ප්‍රකාශයට පත් කළ බවත් මේ චක්‍රලේඛ ප්‍රකාරව උපරිම තෙතමනය 14%ක ප්‍රතිශතයක් තුළ විවිධ කොන්දේසි දමා නාඩු රු. 120ට, සම්බා රු. 130ට සහ කීරි සම්බා රු. 140ට ලෙස ගැසට් නිකුත් කර ඇති බවත් එදා පාර්ලිමේන්තුවේ මේ කරුණු ඉදිරිපත් කරනතුරු ගැසට්ටුව නිකුත් නොකළ රජය අද විපක්ෂයේ කටවල් වහන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය විසින් වී කිලෝවකට රු. 137ක් වැයවන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළ බවත් එවැනි ප්‍රකාශ කර කර අඩු මිලට වී මිල දී ගන්නා බවත් මේවා ගැන ප්‍රශ්න කිරීම අද තහනම් කර ඇති බවත් ගොවි ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වීවලට ලබා දිය යුතු සාධාරණ ස්ථාවර මිල වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
මේ රජයේ මන්ත්‍රීවරුන් කරන්නේ තමන්ව පත් කළ ගොවි ජනතාවට ද්‍රෝහී විමක් බවත් මොවුන් ගොවියාගේ අයිතිය උදුරා ගනිමින් යන බවත් එදා ගොයම් කකා රු. 150ක ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අද එය නොමැති බවත් විපක්ෂයේ හඩ කාරක සභා තුළ මර්දනය කළත් ගොවි ජනතාව වෙනුවෙන් කතා කිරීම නැවැත්විය නොහැකි බවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත මේ අයිතිය සුරක්ෂිත කරන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා.

Latest News
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026
ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා
Local
10 July 2026
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
Local
10 July 2026