නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
මේ අතර එල්ල වූ විරෝධතා හමුවේ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු විද්වත් කමිටුවක් විසින්.
මෙම කෙටුම්පත හරහා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කාර්යභාරය ශක්තිමත් කර ඇති අතර, ඒ අනුව එම කොමිෂන් සභාවට වැඩි බලතල පවරා තිබෙනවා.
රටේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව නව කෙටුම්පතෙහි සඳහන්.
එමෙන්ම, පැමිණිල්ලක් නොමැතිව වුවද, විමර්ශනයක් සිදුකිරීමට මෙම කෙටුම්පත හරහා අදාළ කොමිෂන් සභාවට බලය පැවරෙනවා.
ඒ අනුව, යම් තොරතුරක්, පැමිණිල්ලක් ලැබීමෙන්, පසුව හෝ කොමිෂන් සභාවේම අවශ්‍යතාවය මත හෝ කොමිෂන් සභාව වෙත ලැබෙන වෙනත් යම් වැදගත් දෙයක් මත යන කරුණු යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සිය විමර්ශන ආරම්භ කළ හැකියි.
දූෂණයට එරෙහිව සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිලිගත් සම්මතයන් සහ ප්රමිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධිවිධාන බලාත්මක කිරීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලට අදාළ අල්ලස් සහ දූෂණ වැරදි පිලිබඳ විමර්ශනය කිරීම මෙන්ම, ඒ ආශ්‍රිතව නඩු පැවරීමට විධාන කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පත මගින් අපේක්ෂිතයි.
මේ අතර, ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ අද ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව කිහිපයකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවයි.
අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි මුල සතියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ අදාළ පාර්ශවකරුවන් සමග ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බැවින් එය ඉදිරිපත් කිරීම කල් දමන ලෙස රජයෙන් ඉල්ලා තිබුණා.
අදාල ගැසට් පත්‍රයට මෙතැනින් පිවිසෙන්න.

Latest News
පොළොන්නරුවේ ජලාශවලින් වගාවලට වතුර දීම අත්හිටුවයි
Local
01 September 2026
අමෙරිකා සහ ඉරාන ගැටුම් මැද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4% කින් ඉහළට
Local
01 September 2026
නාවික ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු මධ්‍යම විධානයෙන් තර්ජනයක්
Local
01 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි: විභාගය අවසන් වූයේ රාත්‍රී 10:30ට
Local
01 September 2026
නීතිවිරෝධී චීන දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට
Local
01 September 2026
වෛද්‍ය නොසැලකිල්ලක් නිසා මව්කුස තුළම පුංචි මල් කැකුළක් නිහඬ වූ බවට චෝදනා
Local
01 September 2026
පාකිස්තානයටත් ගංවතුරක්
Local
01 September 2026
දෙකෝටියකට අධික මුදල් වංචාවක් කළැයි කෑගල්ලේ මාලිමා නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීමට පෙර පතායා හි විශේෂ වැටලීමක්: ලිංගික ශ්‍රමිකයින් රැසක් අත්අඩංගුවට
Local
01 September 2026
හීන දිනන්න දියණිය විභාගයට ගිය දා පියාට අත්වූ ඛේදනීය ඉරණම
Local
01 September 2026