General02 May 2023

ලිට්‍රෝ ගෑස් මිල පහලට

ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  රුපියල් 100 කින් පමණ පහත හෙලන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.
 
නව මිල ගණන් හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

අවසන් වරට පසුගිය මස 4 වනදා ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් පහත දැමුණු අතර ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 3738 කටයි.

ඊට අමතරව, කිලෝග්‍රෑම් 05 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1502 කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 700 කට අලෙවි වනවා.
Related recommendation
Hiru TV News | Programmes