General04 May 2023

ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනිම් සිටියදී ඔහු දිවි ගමනට සමු දී තිබෙනවා.

පරාක්‍රම ද සිල්වාගේ "හෙවණැලි ඇද මිනිස්සු" චිත්‍රපටයෙන් සිංහල සිනමාවට පිවිසි ඔහු "සප්ත කන්‍යා", "කුලගෙය" සහ "සෙයිලම" වැනි චිත්‍රපට රාශියක් ඔස්සේ රසික ආදරය දිනා ගැනීමට ඔහු සමත් වුණා..

ඔහුගේ දේහය හෙට (05) දින 9.30 සිට ඇල්විටිගල මාවත ජයරත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes