General27 February 2025

අමෙරිකානු රංගන ශිල්පිනියක්වන මිෂෙල් ට්‍රැක්ටන්බර්ග් මියයයි

අමෙරිකානු රංගන ශිල්පිනියක්වන මිෂෙල් ට්‍රැක්ටන්බර්ග් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඇය 39 හැවිරිදි වියේ පසුවිය.

ඊයේ (26) උදෑසන 08ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබී ඇත්තේ, ඇය ඇගේ මහල් නිවාසයේ සිහිසුන්ව සිටින බවටයි.

පසුව හදිසි වෛද්‍ය සේවකයින් සඳහන් කර තිබෙන්නේ, ඇය මිය ගොස් ඇති බවයි.

ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඇය මෑතකදී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වූ බවත්, ඇතැම් විට එහි සංකූලතා නිසා මරණය සිදු වූ බවත්.

නිව්යෝර්ක්හි උපන් මිෂෙල් ට්‍රැක්ටන්බර්ග් ළමා නිලියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, 1996 දී රෝසි ඕ'ඩොනෙල් සමග රඟපෑ "Harriet The Spy" චිත්‍රපටය ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන්ම "Buffy the Vampire Slayer" සහ "Gossip Girl" ඇතුළු කතා මාලාවන් හරහා ද ඇය ජනප්‍රිය වී තිබෙනවා.

තවද, "EuroTrip", "17 Again"" සහ "The Scribbler" යන චිත්‍රපට සඳහා ද ඇය රංගනයෙන් දායක වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes