
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගෙයේ සම ආසන සංවිධායක හා තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඔහු ඒ බව අද (25) උදෑසන තලවාකැලේ පිහිටි සිය කාර්‍යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල
''ආසන සංවිධායකවරයා වශයෙන් මාව විශ්වාස කරලා ඡන්දය ඉල්ලපු පළාත් පාලන ආයතන අපේක්ෂකයන්ට දුන් පොරොන්දු ඉටුකරන්න නායකත්වයෙන් අවශ්‍ය ශක්තිය හා සහයෝගය ලැබෙන්නේ නැත්නම් සහ නායකත්වය සෑම විටම උත්සාහ දරන්නේ මව් පක්ෂයත් එක්ක එකතු වෙලා ඉන්න සුලු පක්ෂවල අරමුණු ඉටු කරන්න විතරයි නම් අපි මේ තනතුරුවල ඉදල වැඩක් නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මට භාරදීලා තිබුණේ තලවකැලේ ලිදුල නගර කොටගල සහ ආගරපතන පරාදේශීය සභාවේ වගකීම පවරලා එහි බලයලත් නිලධාරි හැටියට පත් කරලා තිබුණා. එවිට නාමයෝජනා පත්‍ර සකස් කරන විට අපි හා ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය නායකයන් සමග එකඟතාවයකට ඇවිල්ලා නාමයෝජනා හැදුවේ ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ ඉල්ලීම පරිදි එම පක්ෂයේ නියෝජිතයින් අපේක්ෂකයන් හැටියට නම් කර අප මව් පක්ෂයේ නියෝජිතයන්ට ප්‍රසාද මන්ත්‍රී ධූර ලැයිස්තුව සඳහා තැන ලබා දෙන බවත් අපට ලැබෙන ප්‍රසාද සාසන සඳහා එම අය නම් කරන බවත් එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරා. පක්ෂ නායකත්වයට ගරු කරලා අපි මේ යෝජනාවට ඒකමතිකව කැමැත්ත දුන්නා නමුත් ඒ අයගේ අපේක්ෂකයන් කොට්ඨාස මට්ටමෙන් පරාජය වූවාට පස්සේ අපට ලැබුණු බෝනස් සාසන ඒ පරාජය වෙච්ච අයට බෙදන්න දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ ඉල්ලීමට නායකත්වයත් කැමැත්ත දීලා තියෙනවා.''
Latest News
අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025

80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අභියාචනාධිකරණය අවලංගු කරයි
Local
19 July 2025

දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්
Local
19 July 2025

තිරප්පනේ වෑන් අනතුරකින් 10කට තුවාල
Local
19 July 2025
