නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගෙයේ සම ආසන සංවිධායක හා තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඔහු ඒ බව අද (25) උදෑසන තලවාකැලේ පිහිටි සිය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල
''ආසන සංවිධායකවරයා වශයෙන් මාව විශ්වාස කරලා ඡන්දය ඉල්ලපු පළාත් පාලන ආයතන අපේක්ෂකයන්ට දුන් පොරොන්දු ඉටුකරන්න නායකත්වයෙන් අවශ්‍ය ශක්තිය හා සහයෝගය ලැබෙන්නේ නැත්නම් සහ නායකත්වය සෑම විටම උත්සාහ දරන්නේ මව් පක්ෂයත් එක්ක එකතු වෙලා ඉන්න සුලු පක්ෂවල අරමුණු ඉටු කරන්න විතරයි නම් අපි මේ තනතුරුවල ඉදල වැඩක් නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මට භාරදීලා තිබුණේ තලවකැලේ ලිදුල නගර කොටගල සහ ආගරපතන පරාදේශීය සභාවේ වගකීම පවරලා එහි බලයලත් නිලධාරි හැටියට පත් කරලා තිබුණා. එවිට නාමයෝජනා පත්‍ර සකස් කරන විට අපි හා ද්‍රවිඩ ප්රගතිශීලී සන්ධානය නායකයන් සමග එකඟතාවයකට ඇවිල්ලා නාමයෝජනා හැදුවේ ද්‍රවිඩ ප්රගතිශීලි සන්ධානයේ ඉල්ලීම පරිදි එම පක්ෂයේ නියෝජිතයින් අපේක්ෂකයන් හැටියට නම් කර අප මව් පක්ෂයේ නියෝජිතයන්ට ප්‍රසාද මන්ත්‍රී ධූර ලැයිස්තුව සඳහා තැන ලබා දෙන බවත් අපට ලැබෙන ප්‍රසාද සාසන සඳහා එම අය නම් කරන බවත් එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරා. පක්ෂ නායකත්වයට ගරු කරලා අපි මේ යෝජනාවට ඒකමතිකව කැමැත්ත දුන්නා නමුත් ඒ අයගේ අපේක්ෂකයන් කොට්ඨාස මට්ටමෙන් පරාජය වූවාට පස්සේ අපට ලැබුණු බෝනස් සාසන ඒ පරාජය වෙච්ච අයට බෙදන්න දමිළ ප්රගතිශීලි සන්ධානයේ ඉල්ලීමට නායකත්වයත් කැමැත්ත දීලා තියෙනවා.''
Latest News
විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට රතු නිවේදන
Local
13 August 2026
ශ්‍රී ලංකාව සුළුකොට තකන්න එපා - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගවස්කාර්ගෙන් අවවාද
Local
13 August 2026
මිද්දෙණියේදී ‘බැකෝ සමන්ගේ’ මවට වෙඩි තබා මරා දමන්නේ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට පළිගැනීමකට දැයි සැකයක්
Local
13 August 2026
තණමල්විල තහනම් වගාවක් සරුවට කළ තරුණයෙක් දැලේ
Local
13 August 2026
වැට් බද්ද ගැන විශේෂ දැනුම්දීමක්
Local
13 August 2026
ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
Local
13 August 2026
ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතයක් වීමේ අවදානමක්
Local
13 August 2026
''මම යන්න ලෑස්ති මිනිහෙක්.. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි'' - ජනපති
Local
13 August 2026
කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ
Local
13 August 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9ක් සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
Local
13 August 2026