කොන්ත්රාත්කරුවකුගේ රැඳවුම් මුදල් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා රුපියල් 40,000ක අල්ලසක් ඉල්ලා ලබාගත්තැයි කියන ආලයඩිවේම්බු ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු කාර්මික නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
මෙම සිද්ධියේ පැමිණිලිකාර කොන්ත්‍රාත්කරු ආලයඩිවේම්බු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ක්‍රීඩා පිටියක කාණු පේළියක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සාර්ථකව නිම කිරීමෙන් පසු, එම කොන්ත්‍රාත්තුවට අදාලව රැඳවුම් මුදල් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා සැකකරු විසින් එක් කොන්ත්‍රාත්තුවක් සඳහා රු. 20,000/- බැගින් රු. 40,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ගනු ලැබ ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
එසේම, අම්පාර දිස්ත්‍රික් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් අක්කරපත්තු නගරයේ වෙළඳ සැලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවකට අදාළ රැඳවුම් මුදල් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා ද සැකකරු විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ බවයි එම කොමිසම පැවසුවේ.
අදාල අල්ලස් මුදලට අමතරව පැමිණිලිකරුගෙන් ණය මුදලක් ලෙස රු. 100,000/- ක මුදලක් ඉල්ලා ඒ වෙනුවෙන් රු. 100,000/- ක් වටිනා චෙක්පතක් ද ඉල්ලා ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අක්කරපත්තුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Latest News
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 18 වනදා පාර්ලිමේන්තුවට
Local
14 August 2026
විවාහ උත්සවය අවසන් වී එද්දී වූ බිහිසුණු අනතුර - මනාලියගේ මල්ලී සහ මිත්තණිය අවසන් ගමන් යයි
Local
14 August 2026
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
Local
14 August 2026
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්
Local
14 August 2026
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්
Local
14 August 2026
පියා හා සීයා එකතු වී දස හැවිරිදි දැරියක් කෙළෙසයි
Local
14 August 2026
පුටින්ගේ එටොරොෆු සංචාරයට ජපානයෙන් දැඩි විරෝධයක්
Local
14 August 2026
ඊයේ මොණරාගල උණුසුම සෙල්සියස් අංශක 37.2යි - දිස්ත්‍රික්ක 07ක උණුසුම අදත් ඉහළට
Local
14 August 2026